‘Facebook’ සහ ‘Instagram’ ගිණුම්වල රැඳී සිටින කාලය සීමා වෙයි ?

39

පුද්ගලයෙකු සිය ෆේස්බුක් (Facebook) හෝ ඉන්ස්ටග්‍රෑම් (Instagrame) ගිණුම තුළ ගත කරන කාලය සීමා කිරීම සඳහා එකී මෘදුකාංගවලට නව උපාංගයක් එක් කර තිබෙනවා.

ඕනෑවට වඩා සමාජ ජාල පරිහරණය කිරීම මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන අවධානය යොමු වීමත් සමග, ෆේස්බුක් ආයතනය විසින් මෙම නව උපාංගය හඳුන්වාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උපාංගය ඔස්සේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන්ට සිය ගිණුම තුළ රැඳී සිටි කාලය දැනගත හැකි වීම විශෙෂත්වයක්.

එමෙන්ම, තමන්ගේ ගිණුමේ ගත කළ යුතු කාල සීමාව ආසන්න බව සිහිගැන්වීමේ සංඥාවක් ඇතුළත් කර තැබිය හැකි අතර, ගිණුමේ දැක්වෙන ‘දැනුම්දීමේ සලකුණු’ (notifications) යම් කාලයකට ඉවත් කර තැබිය හැකියි.

නමුත් මෙමගින් සම්පූර්ණයෙන්ම තත්වය පාලනය වීමක් නොවන බවයි ඇතැමුන් කියා සිටින්නේ.

මිචිගන් විශ්වවිද්‍යාලයේ සිසුන් සහභාගි කරගෙන සිදු කළ සමීක්ෂණයකදී හෙළි වූයේ, මිනිත්තු 10ක් ෆේස්බුක් ගිණුම්වල ඉහළ පහළ ගොස් එහි ඇති දෑ නැරඹූ සිසුන් දිනය අවසාන වන විට “ඉතා නරක මානසික තත්වයකින්” සිටි අතර, සිය ගිණුමේ නොයෙක් දෑ පළ කරමින්, මිතුරන් සමග සාකච්ඡා කළ සිසුන් වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටි බවයි.

– BBC –

Your Comments