ඇල්පිටිය ඝාතන රැල්ලේ බිහිසුණු කතාව
(සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ - ගාල්ල)

60

සත්තකින්ම බිහිසුණුය… ගාල්ල ඇල්පිටිය.
ඒ කාලයක් තිස්සේ මරා ගන්නා වු නමතම සංස්කෘතියක් නිසා ය.
එය වඩාත් බිහිසුනු වන්නේ ඝාතනය කර කපා කොටා තලා, ගෙලින් හිස වෙන්කරන්නා වු ඝාතන ක්‍රමවේදයකි.
ගිනි අවි, දැලි පිහි හා කඩු පිහි, නාදුනන තුවක්කු කරුවෝද මෙහි අඩුවක් නැත.
මේ නිසා පුරා දින හතක් ඇතුලත මෑත කාලයේ සිදුවීමි පමණක් නිසා ඝාතනයට ලක් වූ පිරිස තුනකි.
ඝාතකයන් සම්බන්ධයෙන් පොලිසිය දිගින් දිගටම කරුනු සොයා යන්නට වුවද ඉකුත් දින හත තුළ ඝාතනය කළ පිරිසගේ අපරාධකරුවෝ තවමත් නිදැල්ලේ ය.

ආසන්නම සිදුවීම.


ගාල්ලේ ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට පහර දී වෙඩිතබා කපාකොටා ඝාතය කර ඇතිබව පොලිසිය පවසයි.
මෙයට පෙර මෙම ප්‍රදේශයේම පොලි කට්ටා නැමැති අයෙක්ද කපාකොටා නිදි පැදුරේම ඝාතනය කර තිබිණි.
ඒ දමිල හෝ හින්දි ක්‍රියාදම චිත්‍රපටයක මෙන් දිග හැරෙන කතාන්දරයකි.
මේ සම්බන්ධයෙන් ද කිසිවෙකු අත්ඩඅංගවට ගන්නට හැකියාව  ලැබි නැත.

ඊයේ ඉරිදා (30) පස්වරු 7.40 ට පමණ ඌරගස්මංහන්දිය ඉහළ මාලවල ප‍්‍රදේශයේදී වෙඩි  තැබීමකින් අනතුරුව තියුණු ආයුධ වලින් කපා කොටා දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලීසිය කියයිග

ඝාතනය කර ඇත්තේ රන්තොටුවිල මාලවල පදිංචි කුමාරගේ චමිල් දීපාල් රණසිංහ (3) නැමැත්තා සහ තුසය හේවගේ සමන් සුරේෂ් (28) නැමත්තාය.

ඉරිදා රාත‍්‍රී ප‍්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලූණු අවස්ථාවේ පුද්ගලයන් දෙදෙනා ඉහළ මාලවල මංසන්ධියේ වෙළඳ සැලක කතා කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලා වී ඇත.
සමන් සුරේෂ්ගේ හිස  කඳෙන් වෙන් වනසේ තියුණු ආයුධ වලින් කපා ප‍්‍රධාන මාර්ගයේ මීටර් 100ක් දුරට ගෙනත් දමාතිබියදී හමුවූ බව පොලීසිය පවසයි.

2015 වසරේ නුගුඩුමුල්ල ප‍්‍රදේශයේ  අවුරුදු උත්සවයකදී රතිඤ්ඤා කරලක් පත්තුකර ඇඟට දැමීමේ විහිලූවක් දුරදිග ගොස් 2015.11.03  රන්තොටුවිල මාලවල ප‍්‍රදේශයේදී මහ කුමාරගේ උෂාන් රන්දික හා තුසයා හේවගේ සුරංග සුරේෂ් යන දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබිණ.

එම වෙඩි තැබීමේ සිද්ධියේ ගනි අවිය සැපයු බව කියන අයි.ඩී. සරත් කුමාර නැමති වැලි ව්‍යාපාරිකයා 2015.12.04 දින කපා කොටා ඝාතනය කර වෙඩි තැබූ ස්ථානයට හිස කොටස ගෙනත් දමා තිබිණ.
එම ව්‍යාපාරිකයා ඝාතයන කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණි සමන් සුරේෂ් යන අයගේ හිස මින් පෙර ඝාතනයන් සිදුවූ ස්ථානයට ගෙනත් දමා තිබිණ.

මෙම සිද්ධියෙන් මිය ගොස් සිටින චමිල් දීපාල් අවස්ථා කිහිපයකදී අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවද පොලීසිය කියයි.
අහුන්ගල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම, 2008 වසරේදී පිටිගල ප‍්‍රදේශයේදී ගිනි අවියක් පෙන්වා රුපියල් ලක්ෂ නවයක රත්රන් බඩු කොල්ල කෑම හා ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ අධිකරණ කිහිපයක ඔහුට විරුද්ධව නඩු විභාග වෙමින් පවතී.

ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාගේ උපදෙස් පරිදි ඌරගස්මංහන්දිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.කේ. හරිත් හල්විට මහතා ඇතුලූ නිලධාරීන්  වැඩිදුර විමර්ශන කරනු ලබයි.

පසුගිය 28වන දින පොල්කට්ටා ඝාතනය කර තිබිණි.

ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම ආයුර්වේද පාර ප්‍රදේශයේ නිවසක් තුල 2018.09.27 දින රාත්‍රී 8.00 ට පමණ පුද්ගලයෙකු සහසික ලෙස ඝාතනය කර තිබියදී ඇල්පිටිය පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

රාත්‍රි 7.30 ට පමණ මියගිය අයගේ නිවසට නුදුරු නිවසක සිටි කාන්තාවක් ඇගේ පුත්‍රයා සමග ආයුර්වේද පාරේ ගමන් කරමින් සිටියදී, විදුලි පන්දමේ ආලෝකයෙන්  විශාල ලේ පැල්ලම් රාශියක් පාරේ ඇති බව දැක ලේ පැල්ලම් ඔස්සේ ඉදිරියට ගියවිට ලේ පැල්ලම් මියගිය  පුද්ගලයාගේ නිවස දෙසට වැටී තිබුණු බැවින් ඔවුන් එම නිවස ඉදිරිපිට ගොස් බැලූ විට නිවසේ දොර ඇර තිබූ අතර නිවසේ ඇඳ මත පුද්ගලයෙකු වැටී සිටි අයුරු දැක ඇල්පිටිය පොලිසියට මේ බව දන්වා ඇත.

නිවසේ සිටි  ඇති පුද්ගලයා හකුරු සුජිත් බව අසල්වැසි කාන්තාව  හා ඇයගේ පුත්‍රයා විසින් හඳුනාගෙන ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ, කරන්දෙණිය මණ්ඩකන්ද තොම්මයා හකුරු සුජිත් කුමාර හෙවත් පොල් කට්ටා නැමති 42 හැවිරිදි

මුහුණේ දකුණු පැත්තේ වෙඩි සලකුණකට සමාන තුවාලයක් සහිතව නිවෙසේ ඇඳ මත42 හැවිරිදි  එම පුද්ගලයා මිය ගොස් සිටි බව පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා බිරිඳගෙන් වෙන්වී මීට මාස හතරකට පමණ පෙර සිට,  විදේශගතව සිටින ඥාතියෙකුගේ අනුරුද්ධගම නිවැසේ තාවකාලිකව නැවතී සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ.


බිරිඳ දැනට  වසර දහයකට  පමණ වෙන්ව ගොස් ඇත.
ඔහුට  දියණියක් සිටින අතර ඇය ද වෙනත් ප්‍රදේශයක ජීවත්වෙයි.

ඝාතනය  සම්බන්ධව මේතාක් නිශ්චිත තොරතුරක් නොමැති අතර ඇල්පිටිය නොවිසඳුණු අපරාධ ඒකකය විසින්  පරීක්ෂණ මෙහෙයවයි.

වසර කිහිපයකට පෙර  ඔහුගේ පවුලේ ඥාතීන් තිදෙනකුම ඝාතනයට ලක්ව ඇති බවද කියවෙයි.

සිද්ධිය පිළිබඳව ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක  අජිත්  ප්‍රසන්න මහතාගේ මෙහෙයවීම මත අපරාධවිමර්ශන  අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනක සම්පත්,  උප පොලිස් පරීක්ෂක සුජීව මෙන්ඩිස් සහ  පොලිස්  සැරයන්වරු පිරිසක් පරීක්ෂණ පවත්වයි.

Your Comments