ළදරු ට්‍රම්ප් බැලුනය මෙන්න

19

අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ එංගලන්ත සංචාරයට සමගාමීව විරෝධතාවක් දියත් කිරීම උදෙසා ලන්ඩනයේ පුරපතිගෙන් අවසර ලැබී තිබෙනවා.

ඒ කුඩා දරුවෙකු මෙන් වූ ට්‍රම්ප්ගේ හැඩති බැලූනයක් පා කිරීමටයි.

ලන්ඩන් පුරපති Sadiq Khan පවසා ඇත්තේ සෑම දෙනාටම විරෝධය සාමකාමීව පල කිරීමට ඉඩක් ඇති බවයි.

එය ලන්ඩන් පාර්ලිමේන්තුවට ඉහළ අහසේ පා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා මෙම සංචාරය සිදු කිරීමට නියමිතයි.

Your Comments