හොරට උපාධි ගෙන රැකියාවල නිරත වෙලා

25

කුවේට් කාන්තාවන් 20 දෙනෙක් වංචනික ආකාරයෙන් උපාධි ලබාගෙන රැකියාවල නිරතව සිටියදී අත්අඩංගුවට ගැනීමට කුවේට් පොලීසිය සමත් වී ඇති බව පාර්ලිමේන්තුව අමතමින් කුවේට් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හමීඩ් අල්-අසාමි ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිඥවරියක් සහ සමාගමක කළමණාකාරිණියක් සිටින බවයි කුවේට් පොලීසිය සඳහන් කර ඇත්තේ.

වංචනික ආකාරයෙන් උපාධි ලබාගත් කාන්තාවන්ට විරුද්ධව නීතිමඟින් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටිනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

Your Comments