සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් විවාහ ගිවිසගනියි

52

සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් නිරූපණ ශිල්පිනි හෙයිලි බෝල්ඩ්වින් සඟ විවාහ ගිවිසගෙන තිබෙනවා.

බහමාස් රිසෝට්හිදී මෙම විවාහ ගිවිසගැනීම සිදුව ඇති අතර එම අවස්ථාවේ දී එහි සිටි ආරක්ෂකයින් පවා සිය ජංගම දුරකථන ඉවත්කර ගැනීමට බීබර්ගේ පෞද්ගලික ආරක්ෂකයින් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර බීබර්, ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ද වන සෙලීනා ගෝමස් සමඟ සබඳතාවයක් පැවති බව ප්‍රසිද්ධ රහසක්.

මෙම අවස්ථාව රහසිගතව පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

නමුත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අන්තර්ජාලය ඔස්සේ සුබ පතමින් එය සමරනු ලැබීම කාගේත් අවධානය යොමුවන්නක් වුණා.

Your Comments