සමලිංගික සේවනයට උත්සාහ කළ මැලේසියානු යුවතියන්ට කස පහර

189

සිය මෝටර් රථය තුළ සමලිංගික සේවනයේ යෙදීමට උත්සාහ කළ මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට එරට ආගමික උසාවියේදී කස පහර ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

වයස අවුරුදු 22 සහ 32 අතර වයසේ පසුවූ මෙම තරුණියන් දෙදෙනාට කස පහර 6 බැගින් ලබාදී ඇත්තේ, තෙරන්ගනාවු ප්‍රාන්තයේ ෂරියා උසාවියේදීය.

මැලේසියාව තුළ සමාන ලිංගිකයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරමින් ප්‍රසිද්ධියේ මෙවැනි කස පහරදීමක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්ව තිබෙනවා.

මැලේසියාව තුළ සාමාන්‍ය නීතිය යටතේ මෙන්ම, ආගමික නීතිය යටතේද සමලිංගික සේවනය සම්පූර්ණයෙන් තහනම් වනවා.

මෙම කස පහරදීමේ අවස්ථාව නැරඹීම සඳහා 100ක පමණ පිරිසක් එක්ව සිටි බව මැලේසියානු මාධ්‍ය වාර්තා පවසන්නේ.

Your Comments