සංසාර සිහිනය, යම් අයෙකුගේ සිහිනයක් වූ අත්දැකීමක් මත ගොඩනැඟුණු පෙනෙනවාට වඩා යම් අරුතක් ගැබ් වන නිර්මාණයක්

62

මේ දිනවල ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගීතයක් වන ‘සංසාර සිහිනයේ’ ගීතයේ පද රචකාවිය උදාරි අමරතුංගයි. ඇය සමග සිදුකල කෙටි සංවාද සටහනක්.

උදාරි ඔබ ගැන නොදන්නා අයට ඔබව විස්තර කලොත්?

මම ශ්‍රීපාලි විද්‍යාලය – හොරණ පාසල් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් (SLIIT) Bsc (Hons) – IT උපාධිය හදාරා වර්තමානයේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ උසස්පෙළ තාක්ෂණික අංශයේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක ලෙස සේවය කරනවා.
මගේ පවුල ගැන නම්, පවුලේ හතර දෙනයි මමයි මල්ලීයි අම්මයි තාත්තායි. මල්ලී මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ තෙවන වසරේ ඉගෙන ගන්නවා.

මේ දිනවල ජනප්‍රියම ගීතයක් වන සංසාර සිහිනයේ පද රචනය කලේ ඔබ ඒ ගැන සදහන් කලොත්?
සංසාර සිහිනයල එය යම් අයෙකුගේ සිහිනයක් වූ අත්දැකීමක් මත ගොඩනැඟුණු පෙනෙනවාට වඩා යම් අරුතක් ගැබ් වන නිර්මාණයක්.
සංසාර සිහිනයේ ගීතය රචනා කරන්න පාදක වන මොනවා හරි සිදුවීමක් තිබෙනවාද?
මම හොද සවන්දෙන්නෙක්ග යම් අයෙකුගේ සිදුවීමක් තුලින් හිතටල ආත්මයට සවන්දීම තුළ ගොඩනැඟුණු නිර්මාණයක්. ඒක තමයි සිදුවීම.

ඇත්තටම මොකක්ද මේ සංසාර සිහිනයේ ගිතයේ තේරුම?
රාග, ද්වේශ, මෝහ කැටිවුන සංසාර බැදීමත් අටලොදහමත් විස්තර කරන්නක්.

ඔබ වෘත්තිමය වශයෙන් සිදුකරන්නේ ගීත රචනා කිරීමද නැත්තම් ඔබ වෙනත් වෘත්තියක නියෙලෙන ගමන්ද මේ කර්තව්‍යය සිදු කරන්නේ?
මම ගුරුවරියක්. ලිවීම මගේ හැකියාවක්. වෘත්තිමය වශයෙන් ගීත රචනා කිරීමක් තව වෙනකම් සිදුකරලා නැහැ. මොකද මම මේ දක්වා ලියපු ගීත සදහා මුදල් ලබා ගැනිමක්වත් මට මුදල් ගෙවීමක්වත් සිදුකරලා නැහැ.

අපි දන්නවා වර්තමානය වෙද්දී කලාව කියන්නේ මුදල් මතපදනම් වෙච්ච දෙයක් ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
මම ඒ ගැන කතාකරන්න කැමති නැහැ.

ගීතයක් ජනප්‍රිය වෙන්න එහි පද රචනය කොච්චර දුරට බලපානවාද කියා ඔබ විශ්වාස කරනවාද?
ගීතයක් ගායනා කළ පමණින්, ගීතයකට තනුවක් දුන් පමණින් එම ගීතය ජනප්‍රිය වෙන්නේ නැහැ. වීඩියෝ පටයක් නැතිව ගීතයක් ජනප්‍රිය වෙන්න එහි පද වල අරුත්බර භාවය හොදින්ම බලපානවා කියලා මම විශ්වාස කරනවා.

ඔබ නව පරපුරේ ගායක ගායිකාවන්ට විතරමද ගීත රචනා කරන්න බලාපොරොත්තු වෙන්නේ?
නැහැග එහෙම දෙයක් නැහා. මට මුණගැහුණේ නව පරපුරේ ගායකයෙක්. ඔහුට හොද තැනකට එන්නට සංසාර සිහිනය ගීතය උදව්වක් වුනායැයි මම හිතනවා. නමුත් මගේ මුල්ම ගීතය වුනේ සනුකගේම ඔබ දකින්නට ගීතය.

මේ දින වල ඔබ සිදු කරන අලුත් නිර්මාණ මොනාවාද?
භාතිය සන්තුෂ් :ඊභී* ලාගෙන් ගීතදෙකක් හම්බුනත් ඒක කොහොම කෙරෙයිද කියන එක ගැන මේ වෙනකොට මට විශ්වාසයක් නැහැ. ගීත අදශයේ තව නොයෙකුත් අයගේ ඉල්ලීම් තියෙනවා. ඊට අමතරව නවකතාවක්ල තිරපිටපත් කීපයක් පුවත්පත් ලිපි කීපයක වැඩ කටුතු කරමින් පවතිනවා.

ඔබ කොහොමද මේ ගීත රචනා ක්ෂේත්‍රයට යොමු වෙන්නේ?
මම ගීත රචනා ක්ෂේත්‍රයට යොමු වෙන්නේ පාසල් කාලයේදී මෙහිදී මම ඉතාම ගෞරාවයෙන් සිහිපත්කරන්න කැමති දයාබර ආරියවති ගුරුමෑණියන්ව. එතුමියයි මගේ නිර්මාණ බිහිකිරීමේ මුල් ගුරුතුමියග මගේ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගෙනගියේ සනුක. මෙය අවස්තාවක් කරගන්නවා ඔහුට විශේෂ ස්තුතියක් කරන්නට.

ඔබ කොහොමද සනුකට මුණගැහෙන්නේ?
කැම්පස් එකේදී :ීඛෂෂඔ*

කලාව කරගෙන යන්න ඔබට ගෙදරින් සහ ඔබේ හිතවතුන්ගෙන් ලැබෙන්නේ කොයි වගේ සහයෝගයක්ද?
හැමෝගෙන්ම හොද ඇගයිම් අදහස් එනවා. නමුත්ල මගේ හොදම විචාරකයා සහ ප්‍රේක්ෂකයා මගේ අම්මා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනාවාද?
ජීවිතය සුන්දරව දකින්නට පුළුවන් දරුවන් පිරිසක් සමාජයට එකතුකිරිම.

ගීතරචකාවියක් විදිහට ඔබට ඉස්සරහට එන්න අත දුන් අය කවුරු හරි ඉන්නවානම් අපි ඒ ගැනත් මතක් කරමු?
නිර්මාණ රසවිදින සියළුම දෙනා සහ ඔවුන්ගේ අදහස් වලින් දිරිමත්වුන බව සිහිපත් කරන්නට කැමතිග

සටහන – නදීර ලියනගේ

Your Comments