විවාහ නොවූ නවසීලන්ත අගමැතිනියට මව් පදවිය හිමිවෙයි

50

නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් මවු පදවියට හිමිකම් කියා ඇතැයි නවසීලන්ත පුවත් සේවා වාර්තා කර සිටිනවා.

උපත ලැබුවේ බිලිඳියක බවත්, ඇය කිලෝ ග්‍රෑම් 3.31ක බර දැරියක බවත් පැවැසෙයි.

37 හැවිරිදි අගමැතිනී ජැසෙන්ඩා විවාහක නැතැත්තියක නොවන අතර ඇය ජීවත් වන්නේ ක්ලාක් ගේෆෝඩ් සමඟයි.

නීත්‍යානුකුලව විවාහ නොවී සිටියදී දරුවකු ප්‍රසූත කිරීම ද මෙහි දී සුවිශේෂී කරුණක් වනවා.

අගමැතිනී ජැසෙන්ඩා, ඕක්ලන්ඞ් රෝහලට ඇතුළත් කෙරුණු බවත්, එහිදී ඇය දරු ප්‍රසූතිය සිදු කළ බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියාසිටින්නේ.

සති කිහිපයක් තම සිඟිති දියණිය සමඟ රැඳී සිටීමට සිදුවන බැවින්, රාජකාරි කටයුතු නියෝජ්‍ය අගමැති විනිස්ටන් පීටර්ස් වෙත පවරා දීමට කටයුතු කරන බව ද අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්, කල් තියා දැනුම් දී තිබෙනවා.

කෙසේ නමුත් වැදගත් සිදුවීමක් සිදුවුවහොත්, තමා වහා ඊට මැදිහත් වන බව ද අගමැතිනිය අවධාරණය කර තිබෙනවා.

දරු ප්‍රසූතිය සිදුවුණු බව සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ නවසීලන්ත වැසියන්ගෙන් පමණක් නොව, නවසීලන්තයේ හිටපු අගමැතිවරියක වන හෙලන් ක්ලාක්ගෙන් පවා ජැසෙන්ඩාට සුබ පැතුම් ලැබුණු බවයි වාර්තා වන්නේ.

Your Comments