ලොව දිනූ ලක්මවගේ කීර්තිමත් මහාචාර්යවරයා

35

කීර්තිමත් තරකා හා ගගන භෞතවේදී, මහාචාර්ය රේ ජයවර්ධන මහතා අමරිකා එක්සත් ජනපදයේ පිහිටි ලෝ ප්‍රකට කෝර්නල් හි විද්‍යා හා කලා පීඨාධිපති ලෙස අභිනවයෙන් පත්ව තිබෙනවා.

දකුණු පළාතේ හම්බන්තොට උපත ලද ඔහු, රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා යේල් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්වයක් ලබනවා.

ඒ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ඔහු දැක්වූ දක්ෂතාව නිසාමයි.

ඉන් නොනැවතී තමන්ගේ ආචාර්‍ය උපාධිය හාවඩ් සරස්වියෙන් ලබාගැනීමට ඔහු සමත් වනවා.

රේ ජයවර්ධනයන් පර්යේෂකයෙකු මෙන්ම විද්‍යාත්මක ග්‍රන්ථ සහ ලිපි රැසක් රචිත සම්මානනීය ලේඛකයෙකයකු ලෙස ද ප්‍රකටව සිටිනවා.

ටොරොන්ටෝවල යෝක් සරසවියේ විද්‍යා පීඨාධිපතිවරයා සහ තාරකා විද්‍යාව/භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරයා වන්නේත් මොහුයි.

විදෙස් මාධ්‍යයන්ගේ නිරතුරු අවධානය යොමු වන ඔහු තමා ලද දැනුම අනෙකාට බෙදාදීමට නොපැකිලීව කටයුතු කරන්නෙක්.

Your Comments