Home ගොසිප් රනින් නිමවූ ලංකාවේ පළමු පහන් කූඩුව

රනින් නිමවූ ලංකාවේ පළමු පහන් කූඩුව

13

පසුගිය පොසොන් උත්සවය නිමිති කරගනිමින් රනින් නිමවන ලද පහන් කූඩුවක් නිර්මාණය කරන්නට තලාව, කුරුදුගහහැතැම්ම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන චමිල ප්‍රදිප් කුමාර (40) මහතා සමත්ව තිබෙනවා.

ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත වන අයෙකු වන ඔහු නිමවා ඇති මෙය පරිවාර කූඩු 06කින් ද යුතු වන්නක්.

මෙරට පළමු වරට රනින් කරණු ලැබු පහන් කුඩුව මෙය බවට සැලකෙන අතර එහි ප්‍රධාන කුඩුව සැකිලි 02කින් යුතු වනවා.

කැරකෙන පහන් කුඩුවක් ලෙස සකසා ඇති මෙම පහන් කුඩුව නිර්මාණය කිරීම සඳහා රත්රන් ග්‍රැම් 180ක් පමණ වැය වූ බව පවසන චමිල ප්‍රදිප් කුමාර මහතා මෙකි පහන් කුඩුවේ වටිනාකම රුපියල් ලක්ෂ අටහමාරක් පමණ වන බවද පවසයි.

ඔහු මෙම නිර්මාණය ගැන අදහස් දැක්වුයේ මෙලෙසිනි.

ඇත්තටම මට අලුත් දෙයක් කරන්න අවශ්‍ය වුනා. මා දැනට වසර ගණනාවක් තිස්සේ ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරතව සිටිනවා. කාලයක් මා විදේශතව සිටියා. එහිදිත් කළේ ස්වර්ණාභරණ වැඩ. මා විසින් රන් භාණ්ඩ වැඩ කිරිමේදි එකතු කරගත් රන්වලින් තමයි මෙම නිර්මානය කළේ. මදිපාඩුවට මුදල් දිලා රංත්‍රන් මිලදි ගත්තා. මේ පහන් කුඩුව නිර්මානය කිරිමට මට මාස හයක විතර කාලයක් ගියා. ඇත්තටම පහන් කුඩුවේ සියල්ල මා විසින් නිර්මානය කළේ මගේ දෑතින්. මෙක ඉතා සියුම් නිර්මානයක්. පොසොන් පෝයට සතියකට කලින් තමයි වැඩ අවසන් කළේ. මෙම කුඩුවේ බර ග්‍රැම්150ක් විතර ඇති. පොල්වත්ත ඕවකන්ද ශ්‍රි ජයබෝධි විහාරස්ථානයේ දි මුලින්ම ප්‍රදර්ශනය කළා. ඊට පස්සේ ඌරගහ හිපන්කන්ද ක්‍රිඩාපිටියේත් මෙකි පහන් කුඩුව ප්‍රදර්ශනය කළා. මෙරට පළමු වරට රනින් නිර්මානය කළ පහන් කුඩු මෙය වෙන්න ඇති. මේ සදහා මගේ බිරිද මට විශාල සහයෝගයක් ලබාදුන්නා.

Share this Article!

Your Comments