මයිකල් නයිට් නැවතත් විවාහ වෙයි

67

80 දශකයේ ජනප්‍රිය ‘නයිට්රයිඩර්’ කතා මාලාව හරහාත්, පසුව 90 දශකයේ ‘බේ වොච්’ කතා මාලාව හරහාත් අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණු ඩේවිඩ් හැසල්හොෆ් (David Hasselhoff ) තෙවැනි වතාවටත් විවාහ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට 66 වන වියේ පසුවන හැසල්හොෆ් විවාහ වී ඇත්තේ 38 හැවිරිදි හේලි රොබර්ට්ස් (hayley roberts) සමඟයි.

ඔවුන්ගේ විවාහ මංගල උත්සවය ඉතාලියේ රෝම නගරයේදී පැවැත්වුණු බවයි සඳහන් වන්නේ.

මොවුන් දෙදෙනා විවාහ ගිවිසගත් බව වාර්තා වූයේ පසුගිය 2016 වසරේදීයි.

මේ දෙදෙනා පළමු වරට හමුවී ඇත්තේ ‘බ්‍රිටන්ස් ගොට් ලැටන්ට්’ රියැලටි වැඩසටහන හරහායි.

හැසල්හොෆ්ගේ දෙවැනි බිරිඳ පැමලා බාච් වන අතර, එම විවාහයෙන් ඔහුට දියණියන් 02ක් ද සිටිනවා.

 

Your Comments