බොලිවුඩ් නිළි ප්‍රියංකාට මංගල සීනු

97

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ විවාහ ගිවිසගනීමේ උත්සවය පසුගියදා නිමාවට පත් වුයේ ලොව පුරා උණුසුම් කතාබහක් ඇතිකරමින්.

ප්‍රියංකා විවාහ ගිවිසගත්තේ අමෙරිකාවේ සුපිරි ගායකයකු වන නික් ජොනෑස් සමඟයි.

විවාහය ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ප්‍රියංකාගේ නිවහනේ පැවැත්වුණේ ඉන්දීය සම්ප්‍රදායානුකූලවයි.

මොවුන් දෙදෙනාගේ විවාහය පිළිබඳ ලොවම දැන සිටිය ද ඒ පිළිබඳ ප්‍රියංකා අදහස් දැක්වීමෙන් වැළකී සිටියා.

එහෙත් නික් නම් නිරන්තරයෙන් ඒ පිළිබඳ ඡායාරූප හා අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

36 වැනි වියෙහි පසුවන ප්‍රියංකාගේ අත ගත් නික්ගේ වයස අවුරුදු 25කි.

Your Comments