දෑස් නොපෙනුණත් හදවතින් දිනූ ආදරය

70

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වන අපූරු ජායාරූප පෙළක් තමයි ඉසුරි සහ තිස්සගේ විවාහ මංගල්‍යයේ ජායාරූ එකතුව.

උපාධිධාරීන් යුවලක් වන මොවුන් දෙදෙනාට ලෝකය දකින්නට නම් වරම් හිමි වෙලා නැහැ.

නමුත් ඔවුන්ගේ විවාහ මංගල්‍යයයේ ජායාරූප කිහිපයක් ජායාරූප ශිල්පියා විසින් ඔහුගේ මුහුණුපොතට එක්කිරීමත් සමඟ ඒ ගැන සංවේදී වූ බොහෝ දෙනෙකුගේ අවධානය ඒ කෙරේ යොමුවුණා.

මෙම විවාහ මංගල උත්සවය කොට්ටාව මහානාම හෝටලයේදී පවත්වා තිබෙනවා.

තිස්ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු නිමා කර මොරපිටිය වීදිය බණ්ඩාර විද්‍යාලයේ සංගීත ගුරුවරයකු ලෙස කටයුතු කරනවා.

ඉසුරිතොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධව කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස රැකියාවේ නිරත වනවා.

මොවුන් දෙපළට ගල්කිස්ස මහා හෝටලයේ දින 02ක් ගත කරන්නට ද අවස්ථාව ලැබුණේ මංගල ත්‍යාගයක් ලෙසටයි.

ඔවුන්ගේ දෙවන දිනයේ සාදය බදුරලියේ දී නිමාවට පත්වුනා.

එම ජායාරූප කිහිපය පහතින්.  

ජායාරූප – තරංග දේශාන් (STUDIO DESHAN)

Your Comments