ජෝන් ස්නොව් යුගදිවියට පිවිසෙයි

17

ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ ටෙලි කතාමාලාවේ ජෝන් ස්නෝව්ගේ චරිතයට පණ දෙන කිට් හාරිංටන් සහ ඔහුගේ දිගු කාලීන පෙම්වතිය රෝස් ලෙස්ලි විවාහ වී තිබෙනවා.

ඔවුන්ගේ මංගල උත්සවය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර්හිදී පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මංගල උත්සවය පැවැත්වූයේ ඇබර්ඩීන්ෂයර්හි පිහිටි වෝඩ්හිල් රජ මාලිගයේ වන අතර එය රාජකීය විවාහ මංගල උත්සවයකට දෙවැනි නොවුණු බවයි පැවසෙන්නේ.

රෝස් ලෙස්ලි ද ටෙලි නිළියක වන අතර, 2012 වසරේ දී ඇය ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාවට සම්බන්ධ වුයේ, ජොන් ස්නෝව්ගේ පෙම්වතිය ඉග්‍රිත්ගේ චරිතයට පණ දෙමිනුයි.

ජෝන් ස්නෝව් සහ ඉග්‍රිත්ගේ ආදර කතාව ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ රසික රසිකාවියන්ට අරුමයක් නොවෙයි.

කිට් හාරිංටන් සහ රෝස් ලෙස්ලි සැබෑ ජීවිතයේ පෙම්වතුන් බවට පත් වූයේ ද ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ හරහා යැයි පැවැසෙනවා.

ගේම් ඔෆ් ත්‍රෝන් කතාමාලාවේ සෙසු චරිතවලට පණ දෙන අමීලියා ක්ලාක්, පීටර් ඩින්ක්ලාජ්, සෝෆි ටර්නර් ආදීහු මංගල උත්සවයට ආරාධිතයන් ලෙස පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

Your Comments