උමාරියා යළි රහසේම විවාහ වෙයි

171

වර්තමානයේ තාරුණ්‍යයේ සිත්ගත් ජනප්‍රිය ගායිකාවක් තමයි උමාරියා සිංහවංශ කියන්නේ.

කාලයෙන් කාලයට පුවත් මවන උමාරියා ගැන කතාබහට ලක්වන අලුත්ම පුවත තමයි ඇය නැවතවරක් විවාහ ගිවිසගෙන තිබීම.

ඇය එලෙස පෙරේදා දිනයේදී යුරෝපා රටකදී විවාහ වූ බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් ද තබමින් කියා සිටින්නේ “Where there is love, there is life.” #newbeginnings යනුවෙනුයි.

ඒ අලුත් ඇරඹුම සහිත සටහනත් සමඟින් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි මුදු පැළඳි ඡායාරූපයක්ද එක්කර තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ ඇය අත ගත් මනාලයා කලා පවුලකට සම්බන්ද කෙනෙක් බවත් ඒ සඳහා පවුලේ සාමාජිකයින් සහ සමීපතම හිතවතුන් පිරිසක් එක්ව සිටි බවයි.

උමාරියා පළමුව විවාහ වී සිටියේ ගායන ශිල්පියෙකු වන දෙව්ශාන් පෙරේරා සමඟයි.

Your Comments