Home ගොසිප් අම්බලන්තොට ‘චිකන්’ කොත්තුවක තැම්බුණු ගෙම්බෙක්

අම්බලන්තොට ‘චිකන්’ කොත්තුවක තැම්බුණු ගෙම්බෙක්

10

අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ ආහාර අලවිසැලකින් මිළදී ගත් කොත්තුවක ගෙම්බෙකුගේ කොටස් හමුව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රීයේ ‘චිකන්’ කොත්තුවක් මිලදී ගෙන තිබුනේ කාන්තාවක විසින්.

ආහාරය ගැනීමට සුදානම් වන අවස්ථාවේ කොත්තුවේ ගෙම්බෙකු සිටින බව දැකගත් කාන්තාව එම කොත්තු පාර්සලය සමගින් අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය යූ.පී. මාලක සිල්වා මහතාට පැමිණිලි කර තිබෙනවා.

‘චිකන්- ගෙඹි’ කොත්තුව සමඟ ආපන ශාලාවට පැමිණි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා සහ කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජී.නිශාන්ත මහතා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.

ආපනාශාලා හිමිකාරිණියගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ව ගෙම්බෙකුගේ කොටස් ද සහිත චිකන් කොත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගේ භාරයට ගැනුණා.

සැකකාර ආපනශාලා හිමිකාරීනිය හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

චිකන් කොත්තුව සමඟ ගෙම්බාගේ සිරුර කොටස්වලට් වෙන්ව ඇති බවයි නිරීක්ෂණ වලදී අනාවරනවා ඇත්තේ.

(අම්බලන්තොට – සනත් ගමගේ)

Share this Article!

Your Comments