ජනපතිවරණය ඇරඹෙයි – විපක්ෂ මූලස්ථානය පොලීසියෙන් වටලයි

37

මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.

වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් දෙවන වරටත් ධූර කාලයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඊබ්‍රහීම් මොහොමඩ්.

වත්මන් ජනාධිපතිවරයා චීනය සමග සමීප සබඳතා පවත්වන අතර ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ඉන්දියාවට සහ බටහිරට ගැති දේශපාලනඥයෙකු ලෙසයි සැලකෙන්නේ.

ඒ හේතුවෙන් මෙවර මැතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය දැඩි අවධානයෙන් පසුවනවා.

මේ අතර, මාලදිවයින් විපක්ෂ දේශපාලන පක්ෂ මූලස්ථානය එරට පොලීසිය විසින් වටලා තිබෙනවා.

මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමට පෙරයි එරට පොලීසිය විසින් වැටලීම සිදු කර තිබුණේ.

මේ අතර, අමෙරිකාව සහ යුරෝපා සංගමය මාලදිවයිනට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය අපොහොසත් වන්නේනම් සම්බාධක පනවන බවටයි ඔවුන් සදහන් කර ඇත්තේ.

Your Comments