බිරිඳගේ අවමඟුලට හිටපු අගමැතිට ඇප

30

පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිඳ වන කුල්සූම් නවාස් (Kulsoom Nawaz) ගේ දේහය ලන්ඩනයේ සිට පාකිස්ථානයේ ලාහෝර් වෙත රැගෙනවිත් තිබෙනවා.

අනතුරුව දේහය ලාහෝර් නිවහනේ සිට පවුලේ සුසානය වෙත රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අගමැති නවාස් ෂරීෆ් බන්ධනාගාරයෙන් ඇප මත පැමිණ අවමඟුලට සහභාගි වී තිබෙනවා.

බිරිඳගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සදහා පන්ජාබ් අධිකරණය විසින් හිටපු අගමැති නවාස් ෂරීෆ්ට සැප්තැම්බර් 17 වනදා පස්වරු 4 දක්වා ඇප ලබාදී තිබෙනවා.

1950 මාර්තු 29වනදා කුල්සූම් නවාස් උපත ලබා තිබුනේ ලාහෝර් නුවරදී.
කුල්සූම්, නවාස් ෂරීෆ් සමග විවාහ වූයේ 1971 දී.

දීර්ඝ කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විදි කුල්සූම් නවාස් ලන්ඩනයේදී පසුගිය අඟහරුවාදා මියයන විට 68වන වියේ පසු වූවා.

Your Comments