Home විදෙස් පුවත් හිටපු අගමැතිවරයෙකුට වසර 10ක සිර දඬුවමක්

හිටපු අගමැතිවරයෙකුට වසර 10ක සිර දඬුවමක්

16

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ට එරට අධිකරණයක් විසින් වසර 10ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ ලන්ඩන් නුවර සුඛෝපභෝගි නිවාස සංකීර්ණ 4ක් සම්බන්ධයෙන් වූ අක්‍රමිකතාවක් මුල් කර ගෙනයි.
චෝදනාව හමුවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දියණියට වසර 7ක සිර සිරදඬුවමක් සහ බෑණනුවන්ට වසරක සිරදඬුවමක් හිමිවූ බවයි වාර්තා වන්නේ.
චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනික ලෙස දුර්වල කිරීමේ අරමුණින් දඬුවම ලබා දී ඇති බවයි.
නවාස් ෂරීෆ් දියණිය සමග ලන්ඩන් නුවර වාසය කර ඇත්තේ බිරිඳට වැළදී ඇති පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

Share this Article!

Your Comments