විවාහ උත්සවයක් අතරතුර ගිනි අවියක් ක්‍රියාත්මක වී වෛද්‍යවරයකු මරුට

7

විවාහ උත්සවයක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් වෛද්‍යවරයෙකු මියගිය පුවතක් තුර්කියෙන් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට විවාහ උත්සවයක් සැමරීම සඳහා වෙඩිමුර පැවැත්වීමට රැගෙන ආ ගිනි අවියක් ක්‍රියාත්මක නොවීම පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ හසන් අක්ඩෙමීර් නමැති 39 හැවිරිදි වෛද්‍යවරයෙක්.

Your Comments