රිය අනතුරු වරදකරුවන්ට මරණ දඬුවම දෙන්න බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව සාකච්ඡාවක

11

මාරක රිය අනතුරුවලට වරදකරුවන් වන රියදුරන්ට මරණ දඬුවම පැනවීම පිළිබඳව බංග්ලාදේශ කැබිනට් මණ්ඩලයේ දී අද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ඩකා අගනුවර දී බස් රථයකට යට කළ සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධියෙන් අනතුරුවයි.

ඉන් පසු බංග්ලාදේශ මාර්ග නීති කඩ කිරීම සඳහා පනවන දඬුවම් ඉහළ නංවන ලෙස ඉල්ලා සිසු සිසුවියන් දින 9ක් තිස්සේ විරෝධතා ක්‍රියාත්මක කළා.

මේ හේතුවෙන් එක් කෝටි අසූලක්ෂයක් වෙසෙන ඩකා අගනුවර දෛනික කටයුතු අඩාල වූ බවයි වාර්තා වුණේ.

Your Comments