මුම්බායි නුවර දුම්රිය මාර්ග පද්ධතියක් මතට පාලමක් කඩා වැටෙයි

8

ඇදහැළෙන අධික වර්ෂාව හමුවේ ඉන්දියාවේ මුම්බායි නුවර දුම්රිය මාර්ග පද්ධතියක් මතට පාලමක් කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අතිශය කාර්යබහුල දුම්රිය මාර්ගයක් වූ අන්දේරි දුම්රිය ස්ථානය අසල පාලමක කොටසක් මෙලෙස කඩා වැටී ඇති බවයි.
ඉන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් ද අත්හිටුවා ඇති බව සඳහන්.

Your Comments