මුදල් ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

5

දකුණු අප්‍රිකාණු මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
දූෂණ අක්‍රමිකතා චෝදනා හේතුවෙන් දකුණු අප්‍රිකාණු මුදල් අමාත්‍ය ලන්ලා නේනේ මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනාධිපති සිරිල් රම්පෝසා විසින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ද සඳහන්.
නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ හා  හිටපු ජනාධිපති ජේකබ් සූමා යටතේ මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ දී ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සමඟ නීත්‍යානුකූල නොවන අයුරින් සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.

 

Your Comments