මිසයිල අත්හදා බැලීම් හා වර්ධනය කිරීම් නැවත ඇරඹීමට ඉරානය සැරසෙයි

6

ඉදිරියේදී මිසයිල අත්හදාබැලීම් හා ඒවා වර්ධනය කිරීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ඉරානය පවසනවා.
කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් හා සිය විරුද්ධ වාදීන්ගේ අපේක්ෂාවන්ට එරෙහිවත් මෙම පියවර ගන්නා බවයි එරට ජේෂ්ඨ හමුදා මාධ්‍ය  ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.
සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් වෙනත් කිසිදු රටක අවසරයක් අවශ්‍ය නොවන බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාව උල්ලංගණය කරමින් ඉරානය විසින් බැලැස්ටික් මිසයිල අත්හදා ඇති බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් පසුගියදා චෝදනා කර සිටියා.

 

Your Comments