බංග්ලාදේශයේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් පිරිසක් විරෝධතාවයක

8

බංග්ලාදේශයේ නව ඩිජිටල් ආරක්ෂක පද්ධතියට එරෙහිව ප්‍රවෘත්ති සංස්කාරකවරුන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
සිය රටේ මාධ්‍ය නිදහසට ඉන් බලපෑමක් ඇතිවන බවටයි ඔවුන් පවසන්නේ.
බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ජාතික පුවත් පත් සමාජය ඉදිරිපිටට රැස්වෙමින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.
ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතවල සංස්කාරකවරුන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෑතකදී පැනවූ මෙම පනතේ කොටස් 9 ක් ඉවත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

 

Your Comments