පකිස්ථාන් අගමැති සෞදියේ සංචාරයකට එක්වෙයි

18

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සෞදි අරාබියේ සංචාරයක එක්ව සිටිනවා.
අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන්ගේ පළමු විදෙස් සංචාරය මෙයයි.
ඔහු එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේද සංචාරයක නිරත වීමට නියමිතයි.
පාකිස්ථානය මේ වන විට පත්ව තිබෙන මූල්‍ය අර්බුදයට සහයක් ලබාගැනීම මෙහි අරමුණ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඔහු එහිදී සෞදි අරාබියේ සල්මන් බින් අබ්දුල් ලා සිස් රජු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඔටුන්න හිමි මොහොමඞ් බිල් සයිද් කුමරුද හමුවීමට ද නියමිතයි.

Your Comments