නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව සාපරාධි නඩු පැවරීම අත්හිටුවීමට ට්‍රම්ප්ගේ රජයෙන් තීරණයක්

9

නීතිවිරෝධි ලෙස ඇතුළු වන සංක්‍රමණිකයන්ට සහ ඔවුන්ගේ දරුවන්ට සාපරාධි නඩු පැවරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව අමෙරිකා එක්සත් ජනපද දේශසීමා ආරක්‍ෂක ප්‍රධානි කෙවින් මැක්ලින් පවසනවා.

ඒ අනුව, පසුගිය සතියේ සිට අදාළ නීතිය ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, දේශසීමා උල්ලංඝණය කර රට තුළට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන් වහා පිටමං කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් නියෝග කර තිබෙනවා.

කිසිදු නීතිමය ක්‍රියාවලියකට ලක් නොකර ඔවුන් රටින් පිට කරන ලෙසයි ඔහු නියෝග කර ඇත්තේ.

ට්විටර් පණිවුඩයක් මගින් ඔහු සඳහන් කළේ සංක්‍රමණිකයන්ට ඇමරිකාව ආක්‍රමණය කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

නීත්‍යානුකූල මාර්ගයෙන් ඇමරිකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන්නන්ට මෙය අසාධාරණයක් වන බව ද ජනපතිවරයා පෙන්වා දෙනවා.

Your Comments