නයිල් ගඟේ බෝට්ටු අනතුරකින් ළමුන් 24 දෙනෙක් සහ සෞඛ්‍ය සේවකයෙක් මරුට

15

උතුරු සුඩානය හරහා ගලා බසින නයිල් ගංගේ සිදුවූ බෝට්ටු අනතුරකින් ළමුන් 24 දෙනෙකු සහ සෞඛ්‍ය සේවකයෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ ළමුන් 40 කට අධික පිරිසක් සිට ඇති බවයි.
අදාළ පාසල් සිසුන් ගඟ හරහා පාසල වෙත ගමන් කරමින් සිට ඇති බව සඳහන්.
මිය ගිය ළමයින් වයස අවුරුදු 7ත් 16 ත් අතර වියේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
බෝට්ටුවේ සිදුවූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බවට සැක පළ කරනවා.

Your Comments