දශක කිහිපයකට පසුව අමෙරිකාවේ නැගෙනහිර වෙරළාරක්ෂිත ප්‍රදේශයට ප්‍රබල සුළි කුණාටුවක්

20

දශක කිහිපයකට පසුව ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාරක්ෂිත ප්‍රදේශවලට  ඇතුළුවන ප්‍රභලම සුළිකුණාටුව පිළිබද එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.
ඒ හේතුවෙන් කැරොලිනා වෙරළතීර ප්‍රදේශයේ මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කර යොමු කර ඇති බව ද සඳහන්.
ෆ්ලොරන්ස් ලෙස හැදින්වෙන මෙය බලපෑමට දින තුනකට පෙරයි කාලගුණ අංශ ජනතාවට අනතුරු අගවා ඇත්තේ.
මෙම සුළි කුණාටුව මේ වන විට සිව්වන අවධියේ පවතින සුළිකුණාටුවක් වන අතර පැයට කිලෝමීටර 220ක වේගයෙන් එය හමා එන බව ද සඳහන්.
එහි වේගය තවදුරටත් ඉහළ යමින් හෙට දිනයේ කැරොලිනා ප්‍රාන්තයෙන් ගොඩබිම කරා ඇතුළු වනු ඇති බවටයි එරට කාළගුණ අංශ අපේක්ෂා කරන්නේ.

Your Comments