තෙල් උද්ඝෝෂණයට එල්ලවූ කඳුළු ගෑස ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

4

ප්‍රංශයේ මාර්සෙල් නගරයේ පසුගිය සෙනසුරාදා පැවති තෙල් උද්ඝෝෂණවල දී කඳුලු ගෑස් ප්‍රහාරයකට ලක්ව 80 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
විරෝධතා පැවැත්වූ ස්ථානයට ආසන්නව පිහිටි මහල් නිවාසයක ජීවත් වූ කාන්තාවකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
ඉන්ධන බදු ඉහළ යාමට විරෝධය පළ කරමින් පසුගිය සති දෙකක කාලය පුරා මෙම විරෝධතා පැවැත්වෙනවා.
මීට පෙර විරෝධතා වලදී තවත් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා.
විරෝධතා හේතුවෙන් යුරෝ මිලියන 4ක පමණ එරට රාජ්‍ය දේපළ වලට හානි සිදු ව ඇති අතර 400 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

 

Your Comments