තාවකාලික පැවිද්ද ලබා ගත් තායි ලෙනේ සිරවූ දරුවන් පැවිද්ද අත්හරී

21

තායිලන්තයේ ලෙනක සිරව සිටියදී මුදා ගනු ලැබූ යොවුන් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය තාවකාලික පැවිද්ද අද දින අත්හැර දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දින 9ක් පුරා ඔවුන් මෙම තාවකාලික පැවිද්දේ නිරතව සිටි බවයි.
ඔවුන් තම පැවිදි සමය තුළදී තමන්ගේ ජීවිත මුදා ගැනිමට සහය දක්වනු ලැබූ සියලු දෙනාට ආශිර්වාද පැතීමේ අරමුණින් මෙලෙස තාවකාලික පැවිදි දිවියට එක්වුණා.
කණ්ඩායමේ එක් සාමාජිකයෙකු ක්‍රිස්තියානු බැතිමතෙකු විම හේතුවෙන් තාවකාලික පැවිද්දට එක් නොවූ බවයි වාර්තා වන්නේග
මේ අතර, 25 හැවිරිදි පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු වැඩිහිටි පුද්ගලයෙකු විම හේතුවෙන් ඔහු ස්ථිර පැවිද්දට පිවිස ඇති අතර ඒ අනුව ඔහුට එයින් නික්මීමට තවත් මාස 3ක කාලයක් පවතින බව සඳහන්.

Your Comments