තායිලන්ත අගමැති 12වනදා දිවයිනට

18

දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රවේට් චැන්ඕචා ලබන 12 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

දිවයිනට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ දෙරට අතර ද්වීපාර්ශ්වික සබදතා තහවුරු කරගැනීමේ අරමුණින්.

Your Comments