Home විදෙස් පුවත් තායිලන්තයේ ලෙන තුළ සිරවූ ළමුන්ගේ නවතම වීඩියෝ පටයක් මාධ්‍යයට

තායිලන්තයේ ලෙන තුළ සිරවූ ළමුන්ගේ නවතම වීඩියෝ පටයක් මාධ්‍යයට

13

තායිලන්තයේ ලෙනක් තුළ සිර වී සිටින ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සම්බන්ධයෙන් නවතම වීඩියෝ පටයක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
එමගින් දැක්වෙන්නේ ඔවුන් යහපත් සෞඛ්‍ය මට්ටමින් පසුවන බවයි.
ළමුන් 12 දෙනා සහ පුහුණුකරු ලෙන තුළින් මුදා ගැනීමට මේ වන විට බාධාවක් නොමැති බවට ආරක්ෂක අංශ ප්‍රකාශ කළ ද ලෙන තුළ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යන බව සඳහන්.
ඒ අනුව ඊයේ දින එරට හමුදාව ප්‍රකාශ කළේ මාස ගණනක් ලෙන තුළ විසීමට ඔවුන් පුහුණු කළ යුතුව තිබෙන බවයි.
ඒ, පවතින දැඩි ගංවතුර පහව යන තෙක් හෝ පිටතට ගැනීමට පෙර කිමිදුම් පුහුණුවක් ලබා දීමට සිදු වීම නිසාවෙන්.

Share this Article!

Your Comments