ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව ආරක්ෂා කරමින් සිටින බවට අමෙරිකානුවන්ගෙන් චෝදනා

15

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාව ආරක්ෂා කරන බවට අමෙරිකානුවන් චෝදනා කරනවා.
2016 ජනාධිපතිවරණයේදී බලපෑම් කළ බවට චෝදනා එල්ලවූ රුසියාව ආරක්ෂා කිරීමට ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ෆින්ලන්තයේදී රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටීන් සමග පැවති හමුවකදී ට්‍රම්ප් විසින් බුද්ධි අංශවල මතයට විරුද්ධ මතයක් පළ කරමින් ප්‍රකාශ කර තිබුණේ රුසියාව ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා කිසිදු හේතුවක් නොමැති බවයි.
මේ අතර, අමෙරිකානු ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ඩෑන් කොස්ට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අවතක්සේරු කිරීමේ නිරන්තර උත්සාහයක රුසියාව නිරතවන බවයි.

Your Comments