ටිට්ලි සුළි කුණාටුවෙන් ඉන්දියාවට දැඩි බලපෑම්

3

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ වෙරළබඩ තීරයට ටිට්ලි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
එම ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට අධික සුළං සහිත වැසි තත්වයක් බලපා ඇති බවයි එරට කාළගුණ අංශ සහන් කරන්නේ.
ගෝලාපූර් නගරයෙන් ඉන්දියාවට ඇතුළු වූ ටිට්ලි සුළි කුණාටුව පැයට කිලෝමීටර 126ක වේගයෙන් හමා යමින් පවතිනවා.
ඔඩිෂා ප්‍රාන්තයේ වෙරළබඩ නගර 5ක ලක්ෂ තුනකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ගස් කඩා වැටීම් හේතුවෙන් එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක විදුලිය සහ සන්නිවේදන සබදතා ඇනහිට තිබෙනවා.
සුළි කුණාටුව මේ වන විට බටහිර බෙංගාලය දෙසට ගමන් කරමින් ඇති අතර සුළගේ වේගය ද ක්‍රමයෙන් අඩුවන බව කාළගුණ අංශ සදහන් කරනවා.

Your Comments