ට්‍රම්ප් යළිත් ජනමාධ්‍ය විවේචනය කරයි

11

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යළිත් එරට ජනමාධ්‍ය විවේචනය කර තිබෙනවා.
ඇමෙරිකා ජනමාධ්‍ය ආයතන වෛරී සහ අන්තවාදී පිළිවෙත් අනුගමනය කරන බවටයි ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරන්නේ.
ෆ්ලෝරීඩා හි පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
ඉදිරි සතියේ පැවැත්වෙන එරට මධ්‍යකාලීන මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වනවා.
සිය පාක්ෂිකයන් අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ ඇමෙරිකා ජනතාවගෙන් සෑම තුන්දෙනෙකුට එක් අයෙකු ජනමාධ්‍ය පිළිබද කිසිදු විශ්වාසයක් නොතබන බවයි.
 

Your Comments