ජී-20 සමුළුව අද ඇරඹෙයි

15

ජී 20 සමුළුව අද ආරම්භ වනවා.  ආජන්ටිනාවේ බුවනස් අයරස් හිදීයි මෙම සමුළුව පැවැත්වෙන්නේ. මේ සඳහා රටවල් 20ක් සහභාගී වනවා.
මේ අතර ජී 20 සමුළුවට සමගාමීවය රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් හෙට පැවැත්වෙන බව රුසියාව පවසනවා.
රුසියාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රටවල් දෙක අතර පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු ඇති බවයි.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ ධවල මන්දිරය විසින් මෙම හමුව මෙතෙක් තහවුරුකර නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගියදා නිවේදනය කළේ රුසියා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට තමන් කටයුතු කරන බවයි.

 

Your Comments