Home විදෙස් පුවත් ජසින්ඩා අර්ඩන් යිළි රාජකාරී කටයුතු අරඹයි

ජසින්ඩා අර්ඩන් යිළි රාජකාරී කටයුතු අරඹයි

6

මව්පදවිය ලැබීමෙන් සති 6 ක කාලයකට පසුව නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩන් යළි සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇය සිය කාර්යාලයට පැමිණ රාජකාරී කටයුතු සිදු කළ බවයි.
38 වන වියේ පසු වන ජෙසින්ඩා ආර්ඩන් පසුගිය ජූනි මාසයේ දී සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටින කාලයේ දී දරුවෙකු බිහි කළ ලොව දෙවන රාජ්‍ය නායිකාව වන්නේ ඇයයි.
මීට පෙර එම අවස්ථාව හිමිකරගෙන තිබුනේ පාකිස්තාන අග්‍රාමාත්‍යධුරය දැරූ බෙනාසිර් භූතෝ යි.

Your Comments