ජපානය ගැන අනාවැකි කියු බූවල්ලෙකු මරා දමයි

26

ජපානය පිළිබඳ නිවැරදි අනාවැකි පළ කළ බූවල්ලෙකු මරා මස් පිණිස වෙළඳපොලට යොමු කිරීමේ පුවතක් එරටින් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙවර ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගී වූ තරගය ජය ගන්නා බවට අදාළ බූවල්ලා අනාවැකි පළ කර තිබූ බවයි.
එමෙන්ම ජපානය, සෙනගාලයට එරෙහිව පැවති තරගය ජය පරාජයකින් තොරව අවසන් වන බවටත් පෝලන්තය සමග පැවති තරගය පරාජය වන බවටත් මෙම බූවල්ලා අනාවැකි පළ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් බූවල්ලාගේ හිමිකරු තීරණය කර ඇත්තේ ක්‍රීඩා තරග පිළිබඳ අනාවැකි පළ කරනවාට වඩා සිය වෙළදාම වැඳගත්වීම හේතුවෙන් මස් පිණිස එම සත්වයා වෙළඳපොලට යොමු කිරීමටයි.

Your Comments