ජපානයේ ගංවතුරින් මියගිය ගණන 126 දක්වා ඉහළට

19

බටහිර ජපානයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 126 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දශක 3 කට පසුව කාලගුණ බලපෑම්වලින් තම රටේ විශාල පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා පැවසුවේ.

අයහපත් කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අධික ගංවතුර සහ වර්ෂාව සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේදී පහව යනු ඇති බව ජපාන කාලගුණ අංශ ප්‍රකාශ කර තිබෙනවා.

Your Comments