Home විදෙස් පුවත් චීන ජනපති සහ අමෙරිකානු ආරක්‍ෂක ලේකම් හමුවෙයි

චීන ජනපති සහ අමෙරිකානු ආරක්‍ෂක ලේකම් හමුවෙයි

4

තම දේශ සීමාවෙන් බිම් අඟලක් හෝ වෙනත් අයෙකුට ලබා නොදෙන බවට චීනය අවධාරණය කර තිබෙනවා.

දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්දයෙන් අදහස් දක්වමින් චීන ජනාධිපති ෂි ජීං පින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ චීනයේ නිල සංචාරයකට එක්ව සිටින අමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජේම්ස් මැටිස් සමග පැවති නිල හමුවේදියි.

අමෙරිකානු ආරක්‍ෂක ලේකම්වරයා සහ චීන ජනාධිපතිවරයා විසින් දෙරටේ මේ වන විට උද්ගත වී ඇති වෙළෙඳ අර්බුධය සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වා තිබෙනවා.

පසුගිය දා අමෙරිකානු ජනාධිපතිවරයා විසින් චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා විශාල වශයෙන් වෙළෙඳ බද්දක් පැනවීමත් සමග දෙරට අතර, පැවති වෙළෙඳ ආර්ථික සබඳතා දැඩි උණුසුම්කාරී ස්වරූපයක් ගනු ලැබුවා.

2014 වසරින් පසු පෙන්ටගනය නියෝජයන කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු චීනයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.

Share this Article!

Your Comments