චීනයෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා බදු පැනවීමට ට්‍රම්ප් තීරණය කරයි

12

චීනයෙන් ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා ඉදිරියේදී බදු පැනවීමට තමා අපේක්‍ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
එමෙන්ම, අමෙරිකානු ඩොලර් බිලියන 500 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා බදු පැනවීමට කඩිනමින් පියවර ගන්නා බවයි සී.එන්.බී.සී නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය සතියේදී ද අමෙරිකාව කියා සිටියේ ඩොලර් බිලියන 200 ක වටිනාකමින්යුත් චීන නිෂ්පාදන සඳහා ලබන සැප්තැම්බරයේදී නව බදු පැනවීමට තීරණ ගන්නා බවයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තිය යටතේ පසුගිය සතියේදී චීන නිෂ්පාදන 600 කට අධික ප්‍රමාණයක් සඳහා බදු ගාස්තු සියයට 10 කින් ඉහළ දැමුණා.

Your Comments