ගංවතුර නිසා ප්‍රංශයේ දෛනික කටයුතුවලට බාධා

12

ප්‍රංශයට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ පවතින ගංවතුර තත්ත්වයත් සමග එරට දෛනික ජන ජිවිතයට බාධා මතුව ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඒ හේතුවෙන් පුද්ගලයින් 1, 600 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි.
මේ අතර, දකුණු දිග ප්‍රංශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් 70 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු අතුරුදන්ව ඇති බව ද වාර්තා වනවා.
ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ සහ හෙළිකොප්ටර යානා සූදානමින් තබා ඇති බව සඳහන්.

 

Your Comments