කෙන්යාවේ බස් රථ අනතුරකින් 50 දෙනෙකු මරුට

6

කෙන්යාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා.
කෙන්යාවේ නයිරෝබි අගනුවර සිට කිසුමු දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරට ලක්වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව ඉහළ යාහැකි බවයි.
පොලීසිය සදහන් කරන්නේ බස් රථයේ අධික වේගය අනතුරට හේතුව බවයි.
පසුගියව දෙසැම්බර් මාසයේදී ද බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගියා.

Your Comments