Home විදෙස් පුවත් කැනඩාව සහ සෞදිය අතර සියළු සබඳතා අත්හිටුවයි

කැනඩාව සහ සෞදිය අතර සියළු සබඳතා අත්හිටුවයි

12

කැනඩාව සමඟ සියලූ රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.

දැනට එරට අත්අඩංගුවේ සිටින සිවිල් සමාජීය හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කැනේඩියානු පුරවැසිභාවය හිමි සමර් බඩාවි ඇතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන මෙන් ඉල්ලා කැනඩා විදේශ කටයුතු ඇමතිවරිය සිදුකළ ඉල්ලීමක් මීට හේතු වී ඇති බව සඳහන්.

මෙය සෞදි රජයේ කටයුතුවලට අනවශ්‍ය අතපෙවීමක් ලෙස ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, සෞදියේ සිටින කැනේඩියානු තානාපතිවරයාට පැය 24ක් තුළ රටින් පිටවන ලෙසත්, කැනඩාවේ සිටින සෞදි තානාපතිවරයාට යළි සිය රට පැමිණෙන ලෙසත් නියෝග කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි සෞදි ගුවන් සේවය කැනඩාව සමඟ ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.

Your Comments