කාම්බෝජයේ විපක්ෂ නායක ඇප මත මුදාහරියි

9

අමෙරිකාව සමඟ එක්වී රජයට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් සිරගත කොට සිටි කාම්බෝජයේ විපක්ෂ නායක කෙම් සෝකා ඇප මත මුදා හැර තිබෙනවා.
පසුගිය වසරේදී ඔහු අත්අඩංගුවට ගැනුණේ 30 වසරකට අධික අගමැති හුන් සෙන් ගේ පාලනයට අභියෝග කළ හැකි දේශපාලන බලවේගයක් ගොඩනගමින් සිටින විටයි.
කෙසේ නමුත්, එම පක්ෂය විසුරුවා හැර පැවැත්වූ මැතිවරණයෙන් පාලක කාම්බෝජ මහජන පක්ෂය පාර්ලිමේන්තුවේ සියලු ආසන දිනා ගැනීමට සමත් වුණා.

Your Comments