කයිරෝ ගුවන් තොටුපල අසල පිපිරීමක්

14

ඊජිප්තු කයිරෝ ගුවන්තොටුපල ආසන්නයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බවයි.
කර්මාන්ත ශාලාවේ උස්ණත්වය ඉහළ යාම හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.
පිපිරීමෙන් ගුවන් ගමන් සඳහා බලපෑමක් නොමැති බවයි එරට ගුවන් සේවා අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර, චීනයේ සිචුවාන් ප්‍රදේශයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලැබුවා.

Your Comments