ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සොයුරෙක් එරට ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනේ

9

ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින ශ්‍රී ලාංකික මොහොමඞ් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගැනීමට හේතු වූ කුමන්ත්‍රණය සිදුකළ බවට ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සලාන් කවාජා එරට ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිඞ්නි  නුවර දී අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරන බවයි ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන්  කළේ.
නිසාම්ඩීන්  එරට හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රභූන් ඝාතනය කිරීමටත් සිඞ්නි නුවර මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමටත් සැලසුම් කළ බවට අත්අඩංගුවට ගෙන මාසයකට අධික කාලයක් රදවාගෙන සිටියා.
පසුව නිර්දෝෂීභාවය අනාවරණ වීමෙන් ඔහු නිදහස් කරනු ලැබුවා.

 

Your Comments