Home විදෙස් පුවත් උතුරු කොරියාව අසාමාන්‍ය තර්ජනයක් බව පවසමින් අමෙරිකාවෙන් යළි සම්බාධක

උතුරු කොරියාව අසාමාන්‍ය තර්ජනයක් බව පවසමින් අමෙරිකාවෙන් යළි සම්බාධක

2

අමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව යළි සම්බාධක පනවා තිබෙනවා.
ඒ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි තවදුරටත් අසාමාන්‍ය තර්ජනයක් විය හැකි බව පවසමින්.
ඒ අනුව තවත් වසරක කාලයක් සඳහා සම්බාධක ක්‍රියාත්මක බවයි ධවල මන්දිරය පවසන්නේ.
කෙසේ වෙතත් පසුගිය 13 වනදා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් දක්වා තිබුණේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි තවදුරටත් තර්ජනයක් නොවන බවයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරුවේදී හමුවීමෙන් පසුව ඩොනල්ඞ් ට්‍රම්ප් එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණා.
ඉන් දින 10 කට පසු උතුරු කොරියාව තර්ජනයක් විය හැකි බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය ලෝක නායකයන්ගේ අවධානයට යොමුව තිබෙනවා.
ඇතැම් විචාරකයින් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය වෙනස් කරන බවයි.
මේ අතර අමෙරිකාවේ සහ උතුරු කොරියාවේ සහයෝගීතාවට සහය පළ කිරීමට රුසියාව සහ දකුණු කොරියාව ඊයේ අවබෝධතා ගිවිසුමකට එළබුණා.
ඒ, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීයි.

Share this Article!

Your Comments