UPDATE : ඉන්දීය බස් අනතුරෙන් මියගිය ගණන ඉහළට

18

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගිය ගණන 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කොණ්ඩාගතු සිට ජග්තල් දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථවේ එහි මගීන් 62 කට අධික පිරිසක් සිට ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
අනතුරින් මිය ගිය එක් අයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් බැගින් වන්දි ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.


බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 15ක් මරුට [Sep 11, 2018 @ 16:50]

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කොණ්ඩාගතු සිට ජග්තල් දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථවේ එහි මගීන් 40කට අධික පිරිසක් සිට ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Your Comments